brand logo

දෙවැනි මාත්‍රාවට ඇස්ට්‍රාසෙනෙකා නැතිනම් ජොන්සන් හෝ ස්පුට්නික් දෙනවා

17 May 2021

දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත කුමන හෝ රටකින් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් ඒ වෙනුවට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හෝ ස්පුට්නික් ලයිට් එන්නත ලබාදීමමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. දෙරණ රූපවාහිනියේ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් සභාපතිවරයා ඊයේ (16 වැනිදා) මේ බව සඳහන් කළේය. ඔහු කියා සිටියේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය මාස හයක් අටක් අතර කාලයක් පවතින බවයි. එම කාලයෙන් පසු ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත හෝ ස්පුට්නික් ලයිට් යන එන්නත ලබාදීමට කටයුතු කරන බවත් ඉන් කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බවත්ය. කෙසේ වුවද මේ වන විටත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාගැනීම සම්බන්ධව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඩෙන්මාර්කය වැනි රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය වරුණි පෙරමුණ
 

More News..