brand logo

දෙවැනි දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 305ක් ඉදිරියෙන්

27 December 2018

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සදහා තරගය මේ වන විට නතර කර තිබෙනවා. දිනය නිමා වන විට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 231ක් රැස්කරගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ටොම් ලැතම් ලකුණු 74ක් සහ රොස් ටේලර් ලකුණු 25ක් ලබාගෙන සිටියා. මෙම තරගයේ පළමු ඉනිම සදහා නවසීලන්තය ලකුණු 178ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලබාගත හැකි වූයේ ලකුණු 104ක් පමණයි. ඒ අනුව මේ වන විට නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 305ක් ඉදිරියෙන් සිටිනවා. හෙට (28) තරගයේ තෙවන දිනයයි.
 

More News..