brand logo

දෙවනT-20 තරඟයේ ජය ශ්‍රී ලංකාවට

06 March 2021

ශ්‍රී ලංකා කොදෙව් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලකුණු 43කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. කාසියේ වාසිය දිනාගත් නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් දැවී ලකුණු 160ක් රැස්කර ගත්තේය. එහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 56ක් ලබාගනිමින් සිය ක්‍රිකට් දිවියේ ටි-20 තරග අංශය යටතේ තෙවන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ. ධනුෂ්කට අමතරව පැතුම් නිශ්ශංක ලකුණු 37ක් ලබාගත් අතර ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත්ව වේ. අනතුරුව පිටියට පැමිණි කොදෙව් කන්ඩායම පන්දුවාර 18යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 117ක් පමණියි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ලක්ෂාන් සදකැන් කඩුළු 3ක් සහ වනිඳු හසරංග කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය තරග 1ට 1ක් ලෙස ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙයි. තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග නම් කෙරිණි. කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය මාර්තු 08 වැනිදා පැවැත්වීමට නියමිතයි.
 

More News..