brand logo

දෙවන පුහුණු තරගයේදීත් ශ්‍රී ලංකාවට පරාජය - ඕස්ට්‍රේලියාවට කඩුළු 5ක ජයක්

28 May 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අවසන් පුහුණු තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 5කින් තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය. මෙම තරයේ කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 239ක් ලබාගත්තේය. එහිදී කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 56ක් රැස්කර ගත් අතර, ධනංජය ද සිල්වා ලකුණු 43ක් ලබාගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 5කදී කඩුළු 5ක් දැවී ලකුණු 241ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කවාජා ලකුණු 89ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සී කඩුළු 2ක් දවාගැනීමට සමත් විය. ඊට අමතරව නුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා සහ මිලින්ද සිරිවර්ධන එක් කඩුල්ල බැගින් දවා ගත්තේය. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පුහුණු තරග දෙකම පරාජයට පත්විය.
 

More News..