brand logo

දෙවන දිනටත් මෙරට 1900 ආසාදිත සීමාව ඉක්මවයි

05 May 2021

මෙරට අඛණ්ඩව දෙවන දිනයටත් ආසාදිතයන් 1,900 සීමාව ඉක්මවා යාම ඊයේ (04) දින වාර්තාවී තිබේ. මේ අනුව ඊයේ දින හඳුනා ගත් කොවිඩ් ආසාදිතයන් ගණන 1,914 කි. වැඩිම ආසාදිත පිරිස ඊයේ (04) ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 542ක් වේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531ක් සහ කළුතරින් ආසාදිතයින් 116ක් ඊයේ වාර්තා වී ඇත. තවද 54 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් ය. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 115,590කි.
 

More News..