brand logo

දෙවන ත‍්‍රස්ත ප්‍රහාරයක් ගැන රත්නපුර නගරයේ අත්පත්‍රිකා බෙදු අයෙක් අත්අඩංගුවට

26 May 2019

ත‍්‍රස්තවාදීන්ගේ දෙවන ප‍්‍රහාරය පොසොන් පොහොයට පෙර බවත් ඉලක්කය භයානක බවටත් සදහන් අත් පත‍්‍රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය පුද්ගලයෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු වයස අවුරුදු 54ක් වන රත්නපුර කැටලියන්පල්ල ප‍්‍රදේශයේ පදිංචිකවුවෙකු වන අතර අත්අඩංගුවට පත් තැනැත්තා විසින් බෙදා හරින ලද අත්පත‍්‍රිකාවල අඩංගු කරුණු සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බව ද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට පත් පුද්ගලයා සිංහල ජාතිකයෙකු වන අතර මෙම තොරතුරු ආරක්‍ෂක අංශවලට ලබානොදී අත්පත‍්‍රිකා මගින් ප‍්‍රසිද්ධ කළේ කාගේ හෝ උවමනාවක් මතද යන්න පිළිබඳව ද පරීක්ෂණ සිදු කර ගෙන යනු ලබයි.
 

More News..