brand logo

දෙවන තරඟයේ ජයත් දකුණු අප්‍රිකානුවන්ට

07 March 2019

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 113කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවන් ඊයේ (06) සමත් වුණා. මෙම තරගයේදී දකුණු අප්‍රිකානුවන් සියලුදෙනා පන්දුවාර 45යි පන්දුවකදී සියලුදෙනා ලකුණු 251කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. දකුණු අප්‍රිකා පිල වෙනුවෙන් ක්වන්ටන් ඩි කොක් ලකුණු 94ක් ලබාගත්තා. ඊට අමතරව ඩුප්ලසිස් ලකුණු 57ක් රැස්කර ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තිසර පෙරේරා කඩුළු 3ක් දවාගත් අතර, ලසිත් මාලිංග, ධනංජය කඩුළු දෙක බැගින් දවාගැනීමට සමත් වුණා. අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල පන්දුවාර 32යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීඹට හැකි වූයේ ලකුණු 138ක් පමණයි. ඔෂධ ප්‍රනාන්දු ලකුණු 31ක් ලබාගත්තා. මෙම තරගය පැවැති සෙන්චූරියන් හි ද වොන්ඩරස් පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.
 

More News..