brand logo

දෙවන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවන ලකුණු

04 March 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේදී කණ්ඩායමේ වෙනස්කම් දෙකක සිදුවන ඇතැයි වාර්තා වනවා. ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවනු ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා. තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ඉදිරි තරඟ හතරේදී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදුකිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ලක්ෂාන් සඳකැන් වෙනුවට කමිදු මෙන්ඩිස් හා උපුල් තරංග වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු ලබන 6 වනදා පැවැත්වෙන දෙවන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරනු ඇති බවට වාර්තා වනවා. දෙරට අතර දෙවන තරඟය සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේදී පැවැත්වීමට නියමිතයි. එම පිටියේදී දකුණු අප්‍රිකාව සමග එක්දින තරඟ තුනකට තරඟවැදී ඇති අතර, ඉන් තරඟ දෙකක් දකුණු අප්‍රිකාව විසින් ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ එක් තරඟයක් පමණයි. මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය සමගත් මෙම පිටියේදී තරඟවැදී තිබෙනවා. එම එක්දින තරඟ දෙක ද ශ්‍රී ලංකාව විසින් පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේ ලබන 6 වැනිදා ශ්‍රී ලංකාව තරඟ වදින්නේ මෙම පිටියේදී සිය 6 වැනි තරඟ ලෙසටයි.
 

More News..