brand logo

දෙවන තරඟයට පෙර සෙන්චූරියන් පිටියේ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකාව ලැබූ ජය පරාජයන්

04 March 2019

තරඟ 5කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි තරඟය ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේදීයි. මෙම ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව එක්දින තරඟ 5කට සහභාගි වී තිබෙනවා. සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේදී දකුණු අප්‍රිකාව සමග එක්දින තරඟ තුනකට තරඟවැදී ඇති අතර, ඉන් තරඟ දෙකක් දකුණු අප්‍රිකාව විසින් ජයගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ජයගෙන තිබෙන්නේ එක් තරඟයක් පමණයි. මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය සමගත් මෙම පිටියේදී තරඟවැදී තිබෙනවා. එම එක්දින තරඟ දෙක ද ශ්‍රී ලංකාව විසින් පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව සෙන්චූරියන් හි සුපර්ස්පෝර්ට් පාර්ක් පිටියේ ලබන 6 වැනිදා ශ්‍රී ලංකාව තරඟ වදින්නේ මෙම පිටියේදී සිය 6 වැනි තරඟ ලෙසටයි.
 

More News..