brand logo

දෙවන ටෙස්ට් තරඟය ආරම්භයට පෙර නායක දිමුත් කතාකරයි

21 February 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද ආරම්භවීමට නියමිතව තිබෙනවා. අද පැවැත්වෙන දෙවන තරග සම්බන්ධ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. ඔහු එහිදී කියා සිටියේ දෙවන තරගය සදහා තම කණ්ඩායමේ සාමාජිකයින් තුළ ඇති සූදානම පිළිබදව තමන් වඩාත් සතුටට පත්වන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිමුත් කරුණාරත්න, අපේ සමහරක් පන්දු යවන්නන් ඉතාමත් හොදින් බවුනසර් පන්දු යවනවා. සමහර අයට බැහැ. මම කියන්නේ බැරි නම් ඒ ගැන දෙපාරක් හිතන්න එපා. ඒක අතහැරලා දාන්න. ඒක හරිම සරලයි. අපේ ක්‍රීඩකයින් ඇත්තෙන් හුගක් මහන්සිවෙලා පුහුණුවීම් කරනවා. අපේ පුහුණුකරුවන් දන්නවා මොනවගේ පන්දුවලට අපිට අභියෝගයක් තියෙන්නේ කියලා. ඒ නිසා අපේ සූදානම හොදින්ම තියෙනවා. පසුගිය තරගයේ ජයග්‍රහණයත් එක්ක ක්‍රීඩකයින් හුගක් හොද මානසිකත්යෙන් සිටිනවා. ඕස්ට්‍රේලියානු සංචාරය දිහා බැලුවොත්, එයාලා හුගක්ම අපිට දැම්මේ බවුන්ස්ර්. එයාලා දැනගත්තා අපි අපහසුතාවයට පත්වෙනවා කියලා. ඒවා සියල්ලම සැලකිල්ලට ගනිමින් අපි දැන් බවුන්සර් පන්දුවලට හොදින් මුහුණදෙන්න සූදානම්. එතකොට එයාලට හුගක් බවුන්සර් එවන්න වෙන්නේ නැහැ. ඒ නිසා එයාලා අපේ කඩුල්ලටම ඉලක්කය ගනීවි. ඕස්ට්‍රේලියානු සංචාරයේදි හුගක් වේගයෙන් බවුන්සර් අපිට දැම්මා. පැයට කිලෝමීටර් 150ක වේගයෙන් වගේ ඒවා ආවේ. ඒ නිසා මම අපේ කණ්ඩායමට කියලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවට වඩා දකුණු අප්‍රිකාවේදි අපිට පන්දුවලට මුහුණදෙන එක ලොකු අමාරුවක් නැහැ. මේක ඇත්තටම අපිට හොද අත්දැකීමක්. ඔළුව නිදහස් කරගෙන නිදහස් මනසිකින් ක්‍රීඩාකරනවා නම් හොදින් ක්‍රීඩාකරන්න පුළුවන්. මම හිතනවා අපි ඒක පසුගිය තරගයේදී ඔප්පු කරලා පෙන්නුවා. පෝර්ට් එළිසබත් තණතිල්ල ඇත්තටම හොද කඩුල්ලක්, අනිත් ඒවා එක්ක බැලුවාම. මේක ඇත්තටම හොද පිතිකරුවන්ගේ කඩුල්ලක්. කණ්ඩායමක් විදිහට අපි එකිනෙකාට සහයෝගය ලබාදෙමින් තමයි මේක කරන්නේ. ඇත්තටම අපේ පුහුනුකරුවන් හොදින් තමන්ගේ කාර්යභාරය ඉටුකරනවා. හැමවෙලාවෙම ඔවුන් උත්සාහ කරන්නේ ක්‍රීඩකයන්ට මොනවහරි දෙන්න. ඇත්තටම ඒකම තමයි ක්‍රීඩකයන්ටත් අවශ්‍යවෙලා තියෙන්නේ. නායකයෙක් විදිහට මම කැමැති විවේකාගාරය තුළ හැමෝම එකාවන්ව එකට ඉන්නවා දකින්න. ඒ වගේම අපි අපේ සහයෝගය ද අපේ පුහුණුකරුවන්ටත් ලබාදිය යුතුයි. පුහුණුකරු තමයි අපිට ක්‍රීඩා සැළසුම සකස් කරලා දෙන්නේ. ඇත්තටම ඒ සන්නිවේදනය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු ශක්තියක්.
 

More News..