brand logo

දෙවන ටෙස්ට් තරඟයේ ජයත් එංගලන්තයට

18 November 2018

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද අවසන් විය. ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් ඊයේ(17) සිව්වන දිනය අවසන් කරන විට කඩුළු 7 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියේය. තරඟයේ එක් දිනක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් අතැතිව ශ්‍රී ලංකා පිල එංගලන්තයට වඩා ලකුණු 74 ක් පිටුපසින් සිටියදී අද තරඟය ආරම්භ කළ අතර සියලු ක්‍රිඩකයින් දැවී ශී‍්‍ර ලංකා කණ්ඩායමට රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 243ක් පමණයි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 57ක ජයක් ලබා ගත්තා.
 

More News..