brand logo

දෙවන ටෙස්ට් තරඟයත් ජයපරාජයෙන් තොරව අවසන් වෙයි

03 April 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 354ක් රැස්කර ගත් අතර, ශ්‍රී ලංකා පිල පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 280ක් පමණියි. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් කොදෙව් පිල කඩුළු 4ක් දැවී ලකුණු 280ක් ලබාගෙන සිටියදී පිළිතුරු දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 377ක අභියෝගයක් ලැබුනු අතර, තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකා පිලට කඩුළු දෙකක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 193ක් පමණියි. තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සුරංග ලක්මාල් සමත් විය. තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය ජයපරාජයෙන් තොරව අවසන් විය.
 

More News..