brand logo

දෙවන ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට

26 August 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමක සහ ලකුණු 65කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද සමත් විය. මෙම තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සියලුදෙනා දැවී ලකුණු 244ක් රැස්කර ගත් අතර නවසීලන්ත පිල කඩුළු 6ක් දැවී ලකුණු 431ක් රැස්කර ගෙන සිටියදී ඉනිම නතර කිරීමට තීරණය කළේය. ඒ අනුව නවසීලන්ත පිල ලකුණු 187ක් ඉදිරියෙන් සිටියේය. ඉන් අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා ලකුණු 122කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා පිලේ නිරෝෂන් දික්වැල්ල ලකුණු 51ක් රැස්කර ගත් අතර, නායක දිමුත් ලකුණු 21ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 20ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට්, පටේල් සහ විලියම් සෝමර්විල් කඩුළු 2ක් බැගින් දවා ගැනීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය ටොම් ලේතම්ට හිමිවිය. ටොම් ලේතම් නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 154ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව තරග 1ට 1ක් ලෙස කණ්ඩායම දෙක අතර ටෙස්ට් තරගාවලිය නිමාවට පත් විය.
 

More News..