brand logo

දෙවන කොරෝනා රැල්ලක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු අඟවයි

26 May 2020

‘කොවිඩ්-19’ ගෝලීය වසංගත අවදානම පාලනය වූ රටවල පවා දෙවැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එම රටවල නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ඉක්මන් වුවහොත් ඉක්මනින් ම දෙවැනි රැල්ලක් ඇතිවනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් යුතුව පෙන්වාදෙයි. ඇතැම් රටවලින් දෛනික වාර්තා වන ආසාදිතයන්ගේ ගණන අඩු වී තිබුණත් මධ්‍යම සහ දකුණු ඇමෙරිකානු, දකුණු ආසියානු සහ අප්‍රිකානු කලාපවලින් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණනේ වැඩි වීමක් දක්නට හැක. අපි තවමත් ඉන්නේ වයිරසයේ පළමු රැල්ල තියෙන කාලයේ. ආසාදිතයන් වාර්තා වීම අඩු වූ පමණින් අපට නිගමන හා තක්සේරුවලට එන්න බැහැ. වයිරසය පළමු රැල්ල සීමා කිරීමට පැනවූ සීමා ඉවත් කරන්න ඉක්මන් වුවහොත් පළමු රැල්ල තිබියදීම වයිරසයේ දෙවැනි රැල්ලක් එන්න පුළුවන්. එම නිසා යුරෝපයේ සහ උතුරු ඇමෙරිකානු කලාපයේ පමණක් අනෙක් සෑම රටක්ම මහජන සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දිය යුතු බවත් සෞඛ්‍යාරක්ෂිත සමාජ ක්‍රියාමාර්ග ගත යුතු බවත් වෛද්‍ය මයික් රයන් පෙන්වාදුන්නේය. සෑම රටක්ම ආසාදිතයන් හඳුනා ගැනීම, ආසාදිතයන් නිරාවරණය වූ හෝ ආසාදිතයන් ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම, ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ දිගින් දිගටම කිරීම යනාදි ක්‍රියාමාර්ග අඛණ්ඩව මෙන්ම දැඩිව කරගෙන යා යුතුය. ඒ තුළින් ඉතා ඉක්මනින් වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වීම වළක්වා ගත හැකි බව ද ඔහු තවදුරටත් කීවේය.
 

More News..