brand logo

දෙලක්‍ෂය ඉක්මවූ කොවිඩ් මරණ ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

23 September 2020

  කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් 200,000 කට අධික ගණනක් මියගොස් ඇත. මේ පිළිබඳ ව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු සඳහන් කර ඇත්තේ"එය ලැජ්ජාවට කරුණක්" බවයි. වෛරසය පැතිරයාම සම්බන්ධයෙන් චීනය වගකිවයුතු බව පැවසූ ට්‍රම්ප්, ඔහු සුදුසු පියවර නොගත්තේ නම් මරණ ගණන මීට වඩා වැඩි විය හැකිව තිබූ බව පවසා තිබේ. අමෙරිකාවේ පළමු කොවිඩ් මරණය වාර්තා වුයේ පෙබරවාරි 29 වැනිදා යි. දින 54 කට පසුව එනම් අප්‍රේල් 23 වැනිදා එරටින් 50,000වැනි කොවිඩ් -19 මරණය වාර්තා විය. එතැන් සිට, සමස්ථ මරණ ගණන 100,000 වීමට ගත වූවේ දින 29කි. 100,000 සිට 150,000 දක්වා කොවිඩ් -19 මරණ සංඛ්‍යාව ඉහළ යෑමට ගත වූවේ දින 65කි. එතැන්, සිට එරට කොවිඩ් -19 මරණ දෙලක්ෂය සීමාව ඉක්මවා යෑමට ගත වූවේ දින 55 වැනි කාලයකි.
 

More News..