brand logo

දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ ඇන්ඩ්‍රියාට

20 September 2020

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් - 9 රියැලටි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කළුතර ෆැලන් ඇන්ඩ්‍රියා සමත් වූවාය. මෙම ගායනා තරගාවලියේ අනුශූරතාව හිමිකරගනු ලැබුවේ නාරම්වල නුවන්ධිකා සේනාරත්නය. වාරියපොළ ගිහාන් බණ්ඩාර තෙවැනි ස්ථානය දිනාගත්තේය. දෙරණ ඩ්‍රීම් ස්ටාර් ‘සීසන් 9’ අවසන් මහා තරගය පෙරේදා (19 වැනිදා) රාත්‍රියේදී මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණි. කහතුඩුව කැන්ටබරි, ගෝල්ෆ් රිසෝට් නිවාස සංකීර්ණයෙහි පිහිටි රුපියල් ලක්ෂ 150ක් වටිනා සුඛෝපභෝගී නිවසක් තරගයේ ජයග්‍රාහිකාව වුණ ෆැලන් ඇන්ඩ්‍රියාට ත්‍යාගයක් වශයෙන් හිමිවිය. ෆැලන් ඇන්ඩ්‍රියා තම ජයග්‍රාහී කුසලානය දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ අතින් ලබා ගන්නා ලදී.  
 

More News..