brand logo

දෙමාපියන් අහිමිව මිත්තණිය සමඟ ජිවත්වු දැරිය වෙනුවෙන් යුධ හමුදාවෙන් නව නිවසක්

13 January 2019

කිලිනොච්චිය, විශ්වමඩු ප්‍රදේශයේ මාණික්කපුරම් ග්‍රාමසේවා වසමේ දෙමාපියන් අහිමිය සිය මිත්තණිය සමඟ පැල්පතක ජිවත්වු වයස අවුරුදු 17 ක් වන ජෙදිපන් නිලවර්ෂි දියණිය වෙනුවෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනාවන් විසින් නිවසක් සාදා ප්‍රදානය කිරීම 572 බළසේනාවේ බළසේනාධිපති කර්නල් ප්‍රියන්ත දසනායක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණ. කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණයෙන්, 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ සිද්ධාර්ථ පදනමේ මුල්‍යමය අනුග්‍රහය නිවස ඉදිකොට තිබිණ. දැරියගේ මිත්තණිය වෙතද නිවසක් සාදා ගැනීමට‍ ‍නොහැකිව සිටි අවස්ථාවක යුධ හමුදාව විසින් සිදුකළ උපකාරය කිසිදිනෙක අමතක නොවන බව ප්‍රදේශවාසීන් පැවසූහ. වැඩසටහනට 572 බළසේනාවේ නිළධාරීන්, 6 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ නිළධාරීන්,ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..