brand logo

දෙමළ සන්ධානයේ කොන්දේසි අපි අතට ගන්නෙවත් නෑ - මහින්ද

22 October 2019

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු කුඹුරු ලක්ෂයක වගා කටයුතු නැවැත් වූ බවත් වී වැඩි යැයි පවසමින් මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කරමින් ගොවීන්ගේ පොහොර සහනාධාරය අහිමි කර ගොවි ජනතාව පාරට ඇද දැමීමට කටයුතු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙලෙස ප්‍රකාශ කළේ ඊයේ (21) අම්බලන්තොට රිදියගම පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා...., ''අපි බලාපොරොත්තු වෙනවා රට ස්වයංපෝෂිත වන තුරු පොහොර නොමිලේ ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන්න. මේ ආණ්ඩුව බලයට ආවෙ දස ලක්ෂයක් රැකියා දෙනවයි කියලා. ඇවිල්ලා මාස ගානක් යන්න කලින් හාර ලක්ෂයක් නැති වුණා. එක පැත්තකින් සංචාරක අංශය කඩා හැලුනා සහරාන්ගෙ බෝම්බය නිසා. ගල් වැඩපලවල් වලට දැන් වෙඩි බෙහෙත් දෙන්නෙ නෑ සහරාන්ට වෙඩි බෙහෙත් ටික යයි කියලා. දැන් දෙන්නෙ හයි වේ එකට විතරයි. ඒකෙන් ලක්ෂ ගානකට ලංකාවෙ රැකියා නැති වුණා.'' ''මම හයි වේ එක හදන්න සියල්ල සූදානම් කරලා 2018 දී ඒක හදලා ඉවර කරන්න තමයි තිබුණේ. මේ ආණ්ඩුවට තාම ඒක හදලා ඉවර කරගන්න බැරි වුණා. කෝච්චිය බෙලිඅත්තෙන් නැවතුණා. ඒක යන්න තිබුණා කතරගමට. මේ වැඩ ඔක්කොම නතර වුණා. හදලා තිබිච්ච ඒවා වික්කා. වරාය වික්කා. ඒකෙ වැඩ කරපු තරුණයො 200ක් විතර අස් කළා. මේ සියල්ල වෙනකො‍ට අපි විරුද්ධ වුණා. ජනතාවට කඳුළු ගෑස් ගැහුවා.බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය '' ''මේ දේපල අයිති ඔබට සහ ඔබේ දරුවන්ට. තව අවුරුදු ගානකින් ඉපදෙන්න ඉන්න දරුවන්ටයි මේ දේපල අයිති. මේ ඉඩම් සියල්ල විදේශිකයන්ට විකිණීම සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. පනතක් ගෙනැල්ල ත්‍රිකුණාමලේ සිට කොළඹට කොරිඩෝ එකක අක්කර ලක්ෂ ගානක් පිටරැටියන්ට විකුණන්න සූදානම් වුණා. අපි ඒකට විරුද්ධ වුණා. උසාවිය කිවුවා ඒක ව්‍යවස්ථා විරෝධියි කියලා. ඒ පදනමම අරගෙන අපිට ඒක නවත්තගන්න පුළුවන් වුණා. ඒක හින්දා මේ ඉඩම් ටික බේරුණා. නැත්නම් මේවා විකිණෙනවා. මේ අය හදන්නෙ මේ රටම විකුණන්න. '' '' හම්බන්තොට දිස්ත්‍රික්කෙ ඉපදිච්ච අයට බෑ මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්න. ඒකට හේතුව මේ ආණ්ඩුව සංවර්ධනය සම්පූර්ණයෙන්ම ඇණ හිටෙව්වා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය නතරකරපු ආණ්ඩුවකට කොහොමද ඡන්දෙ දෙන්නෙ. හම්බන්තොට ඇමතිවරයෙක් දැන් අපේක්ෂකයෙක් වෙලා ඉන්නවා. එයා එක වචනයක් කතා කළේ නෑ. කැබිනට් මණ්ඩලේ අනුමැතිය දුන්නා මේ ඉඩම් ටික දෙන්න. ඒක තමයි ඇත්ත. ගුවන්තොටුපල ඉන්දියාවට දෙනවට කැමැත්ත පල කළා අත උස්සලා. ගත්ත සල්ලිවලට මොනව කළාද කියලා කවුරුවත් දන්නෙ නෑ. මේවා පිළීබඳව අපිට දෙපාරක් හිතන්න වෙලා තිබෙන බවයි හෙතෙම මෙහිදී කියා සිටියේ .'' ''උපාධිධාරීන්ට රැකියා නෑ. හැමදාම කඳුළු ගෑස් ගහනවා. මිනිස්සු රවටලා මේ පාර දිනන්න හදන්නෙ.සිමෙන්ති බෙදනවා කියලා අල්ලසක් තමයි වැඩ කරන්නෙ. බොරු ප්‍රචාර කරනවා. ඇල්පිටියෙ සල්ලි බෙදුවා. සමෘද්ධිය බෙදුවා. සිමෙන්ති කොට්ට බෙදුවා. මොකද්ද වුණේ. බෙදපු සිමෙන්ති කොට්ට ගානටවත් ඡන්ද නෑ.'' ''මේ රටට සංචාරකයො ගෙන්න ගන්න වරාය, ගුවන්තොටුපළ, උද්භිද උද්‍යාන, සෆාරි එක අපි හැදුවා. අනිත් අය විවෘත කළා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කය සංචාරක පුරයක් කරන්න පුළුවන්, කර්මාන්ත පුරයක් කරන්න පුළුවන්. ඒකට සැලසුම්සහගත වැඩ පිළිවෙලක් අපි හදලා තිබුණා. ඒවා ආපස්සට හැරිලා ගියා. ඒ නිසා තමයි මම කියන්නෙ හම්බන්තොට ඉපදිච්ච කෙනෙකුට යූ එන් පී එකට ඡන්දෙ දෙන්න බෑ කියලා.'' ''දෙමළ සන්ධානය කොන්දේසි දීලා තියෙනවා. එජාපය කියනවා ඒගොල්ලන්ට සහය දෙනවා කියලා. සහය දෙනවා නම් ඒ කොන්දේසිවලට යටත් වෙලා. එයාලා ගාව තියෙන්නෙ රට බෙදන කොන්දේසි. අපි රට බෙදන්න ඉඩතියන්නෙ නෑ. එයාලගෙ කොන්දේසි අතට ගන්නෙවත් නැති'' බවද මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරත් කියා සිටියේය .
 

More News..