brand logo

දෙමළ ජාතික සන්ධානය මැතිවරණයට තනිවම තරඟ කරනවා - නිර්මලනාදන් කියයි

09 February 2020

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කිසිදු පාර්ශවයක් සමඟ සන්ධානගත නොවී මැතිවරණයට තනිවම තරඟ කරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා පවසයි. නිර්මලනාදන් මහතා පැවසූවේ දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර පළාත් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන්ද තරඟ කිරීමට තීරණය කොට ඇති බවයි. දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගත ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය,ප්ලොට් සංවිධානය හා ටෙලෝ පක්ෂය එක්ව මැතිවරණයේදී තරඟ කරන අතර, වෙනත් කිසිදු පක්ෂයක් සමඟ දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගතවීමක් නොමැති බවද හෙතෙම පැවසුවේය. නිර්මලනාදන් මහතා වැඩිදුරටත් පැවසූවේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව බිහි කිරීමට නියමිත නව සන්ධාන ඇතුළු අනෙකුත් දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් අභියෝගයක් නොවන බවයි.   මාධව කුලසූරිය
 

More News..