brand logo

දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා හෝ කටයුතු කිරීමට සුදානම් - මාවේයි

29 December 2019

මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ඇතැම් පිරිසක් උත්සහ කරමින් සිටින බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා පවසයි. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ 70 වන සංවත්සර සැමරුම් වැඩසටහනක් කිලිනොච්චිය සමූපකාර ශාලාවේදී පැවැත්වු අවස්ථාවට ඊයේ (28) එක්වෙමින් සේනාධිරාජා මහතා එලෙස පැවසුවේය. සේනාධිරාජා මහතා එහිදි වැඩිදුරටත් පැවසූවේ ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කළ යුතු බවට ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරන අතර, ඒ වෙනුවෙන් උත්සහ කරමින් සිටින බවයි. ඒ හරහා දෙමළ භාෂාව කථා කරන උතු‍රු නැගෙනහිර ජනතාවට,දෙමළ භාෂාව කථාකරන මුස්ලිම් ජනතාවට,දෙමළ භාෂාව කථා කරන කදුකර දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන බවද මන්ත්‍රීවරයා පැවසීය. මෙරට සියළු ජන කොට්ඨාශ වෙනුවෙන් සාධාරණත්වයක් ඉටු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු අතර, එවන් පසුබිමක ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට ගෙන ඇති තීරණය අනුමත නොකරන බවද හෙතෙම පැවසුවේය. සේනාධිරාජා මහතා වැඩිදුරටත් පැවසූවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදීමට වර්තමාන රජය කටයුතු කළ යුතු අතර,එසේ නොකරන්නේ නම් දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා හෝ කටයුතු කිරීමට සුදානම් බවයි.
 

More News..