brand logo

දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාගත යුතුයි - සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

31 December 2019

නව රජය යටතේ දෙමළ ජනතාවගේ දැවෙන ගැටළු වෙනුවෙන් ස්ථිරසාර විසදුම් ලබා ගැනීමට දෙමළ දේශපාලඥයින් කටයුතු කළ යුතු බව ‍ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පවසයි. සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේ ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීම හෝ දෙමළ භාෂාවෙන් ගායනා කිරීම වන ගැටළුව සාපේක්ෂව ගත් කළ ඊට වඩා දෙමළ ජනතාවට බලපාන ගැටළු රැසක් පවතින බවයි. උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට ස්ථිර විසදුමක් ලබා ගැනීම, යුධ අපරාධ වෙනුවෙන් සාධාරණය ඉටුකර ගැනීම,අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුමක් ලබා ගැනීම, යුද්ධයෙන් මියගියවූවන්ට සාධාරණත්වයක් ලබා ගැනීම, උතුරු පළාතේ වැන්දඹු පවුල් නඟා සිටුවීම, පුනරුත්තාපනය ලැබුවන්ගේ ජිවිත සංවර්ධනය කිරීම වැනි ප්‍රධාන පෙළේ ගැටළු රැසක් වෙනුවෙන් තවමත් ස්ථිරසාර විසදුමක් නොලැබි ඇති බව හෙතෙම පැවසුවේය. ප්‍රේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසූවේ උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුව වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබා ගැනීම වැනි ගැටළු දෙමළ ජනතාවගේ ප්‍රධාන ගැටළු වන බවයි. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට දේශපාලන විසදුමක් ලබා ගැනීම උදෙසා පැවති රජයන් සමඟ දෙමළ දේශපාලඥයින් විවිධ සාකච්ජාවන් පැවැත්වුවද අදාළ ගැටළුව වෙනුවෙන් මේ දක්වා නිසි විසදුමක් නොලැබීම කණගාටුවට කරුණක් වන බවද හෙතෙම පැවසුවේය. ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් නව ජනාධිපතිවරයා ඇතුළු පාලකයින් හරහා විසදුමක් ලබා ගැනීමට දෙමළ දේශපාලඥයින් කටයුතු කළ යුතු බවයි. වවුනියාව - මාධව කුලසූරිය
 

More News..