brand logo

දෙමළ ජනතාවගේ ගැටළු ඉන්දීය අගමැති සමඟ සාකච්ජා කිරීමට බලාපරොත්තුවෙනවා

13 February 2020

මෙරට දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා ඇතුළු ඉන්දීය නියෝජිතයින් සමඟ සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි. සේනාධිරාජා මහතා පැවසුවේ මෙරට ජනවාර්ගිය ගැටළුවේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා ඇතුළු ඉන්දීය නියෝජිතයින් සමඟ සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බවයි. එළැඹෙන මැතිවරණ සුදානම හා දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බිහිකළ නව සන්ධානය සම්බන්ධයෙන් සේනාධිරාජා මහතාගෙන් විමසීමේදී සේනාධිරාජා මහතා එලෙස පැවසුවේය. එළැඹෙන මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය වෙත කිසිදු බලපෑමක් නොමැති අතර,කවුරු කුමන සන්ධාන බිහි කළද දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳ නොවැටෙන බවද හෙතෙම පැවසීය. දෙමළ ජාතික සන්ධානය සෑම අවස්ථාවකම දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් මැදිහත්වු අතර,ඉදිරියේදීත් දෙමළ ජනතාවගේ ගැටළු විසදීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එළැඹෙන මැතිවරණයෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය මෙරට දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා ඇතුළු ඉන්දීය නියෝජිතයින් සමඟ සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන අතර,ඉන්දීය බලපෑම හරහා මෙරට දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද සේනාධිරාජා මහතා සඳහන් කළේය. සේනාධිරාජා මහතා වැඩිදුරටත් පැවසූවේ දෙමළ ජනතාවගේ ගැටළු විසදීම දෙමළ ජාතික සන්ධානයේ එකම අරමුණ වන අතර,ඒ වෙනුවෙන් දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානය කෙරෙහි විශ්වාසය තබා තිබෙන බවයි.   මාධව කුලසූරිය
 

More News..