brand logo

දෙන්න එන්න කියලා දීලා නෑ - යකා නැගලා ඩෙගා නටයි

26 August 2021

දික්ඔය රෝහල ඊයේ කළ දේම අදත් කරලා

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට (26) දින දික්ඔය මුලික රෝහලට පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරිය විසින් කල දැනුම් දිමක් මත රෝහලට පැමිණි විශාල පිරිසකට එන්නත් ලබානොදිමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරිම නිසා පිරිස පාලනය කිරිම සදහා රෝහල් පාලන අධිකාරිය හැටන් පොලිස් නිලධාරින් කැදවනු ලැබුහ. අද (26) දින උදැසන සිට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් 300 දෙනෙකුට එන්නත් ලබාදිමෙන් අනතුරුව පොලිමේ උදැසන සිට රැදි සිටි පිරිසට එන්නත් නොමැති බව පැවසිමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරිම නිසා රොහල් සංකිර්ණයේ ප්‍රධාන දොර වසා දැමිමට රෝහලේ ආරක්ෂක අංශ නිලධාරින් කටයුතු කරනු ලැබුහ. පොලිස් නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා රෝහල ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරුණු පිරිස පාලනය කර සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට පැමිණි පිරිසට රෝහල් පාලන අධිකාරිය විසින් ලබාදුන් අංක සහිත තුන්ඩු බෙදා දිමක්ද සිදු කරනු ලැබුහ.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් රෝහල් පාලන අධිකාරිය ලබාදුන් උපදෙස් මත රෝහල් සේවකයෙකු විසින් සිදු වු අපහසුතාවය සම්බන්ධයෙන් එන්නත ලබාගැනිමට පැමිණි පිරිසට කණගාටුව ප්‍රකාශ කල අතර , තුන්ඩු ලබාගත් පිරිසට රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ රෝහලේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදි එනනත් ලබාදෙනවාද යන්න තහවුරු කරගෙන වෙනත් දිනයක රෝහලට පැමිණෙන ලෙසයි.

(25) දිනද සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට දික්ඔය මුලික රෝහලට පැමිණි පිරිසක් පැය 8 ක පමණ කාලයක් රෝහල් භුමියේ රැදි සිටිමින් එන්නකරණය සිදු කර ගැනිමට සිදුවිය. සිතාර ඉරාෂ් - වටවල https://youtu.be/VF7h8Xuj7L4
 

More News..