brand logo

දෙනවක ගැඟේ තිබී මලසිරුරු දෙකක් සොයාගැනේ

08 July 2020

පැල්මඩුල්ල දෙනවක ගැඟේ  පාවෙමින් තිබී තරුණ මලසිරුරු දෙකක්  ඊයේ උදේ (08)සොයාගත් බව පැල්මඩුල්ල පොලීසිය පවසයි. ඊයේ උදේ මෙකී  ගඟ අසලට පැමිණ ප්‍රදේශ වාසියෙකු මෙම සිරුරු දෙක දැක  පොලීසිය වෙත දැනුම් දී ඇත . කලිසම්   සහ ටී ෂර්ට් හැඳ සිටින  තරුන දෙදෙනෙකුගේ බවට හදුනාගෙන ඇත. මලසිරුරු දෙක ගඟේ දෙපලක තිබී හමු වී තිබේ.. මුහුනේ.සහ බෙල්ල  හි තුවාල දක්නට  තිබිනි.රත්නපුර  අපරාධ ස්ථාන  පරීක්ෂණ ඒකකයේ නිලධාරීන්  ස්ථානීය පරීක්ෂණය සිදු කලහ.පැල්මඩුල්ල පොලීස් ස්ථානාධිපති ප්‍ර.පො.ප ධම්මික නවරත්න මහතාගේ මූලිකත්වයෙන්  විමර්ශන සිදුකරයි ඊයේ සවස මහේස්ත්‍රාත් පරීක්ෂණ ය සිදුකිරීමට නියමිතව තිබිනි. ඊයේ සවස් වනතුරු මලසිරුරු හදුනාගෙන නොතිබිනි.. ඊයේ අළුයම ඕපනායක ප්‍රදේශයේ  තරුණයෙකු  පැහැරගෙන ගොස් ඇතිඅතර ඔහු පිළිබඳ  මෙතෙක් තොරතුරු හෙළිවී නොමැති බවද පොලීසිය පවසයි .තවද ඕපනායක ප්‍රදේශයේ තිබී යතුරු පැදියක් දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගත් බව  පොලීසිය පවසයි . ජේ.එම්.විමලසේන ඕපනායක
 

More News..