brand logo

දෙකෝටියක ගංජා සමග රූබන්ගේ ගෝලයන් 4ක් හසුවෙයි

07 May 2021

තලංගම පොලිස් ස්ථානාධිපතිවරයට ලද තොරතුරක් මත තලංගම පොලීසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මාලඹේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 04කට ආසන්න පාර්සල් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (07) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී තවත් එවැනිම පාර්සල් හතරක් සමඟ සැකකරුවෙකු මීපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පාදුක්ක පොලිස් වසමේ ගලගෙදර ප්‍රදේශයේදී කේරළ ගංජා පාර්සල් 16ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට බන්ධනාගාර ගතව සිටින රූබන් නැමැත්තාගේ ගෝලයන් බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෙම සියලුම පාර්සල් වල බර කිලෝ ග්‍රෑම් 46ක් වන අතර ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රු. කෝටි දෙකකට ආසන්න බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකථන 03ක් සහ මෙම ජාවාරම සිදුකිරීමට යොදා ගැනුණු සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් සිව් දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
 

More News..