brand logo

දෙකට වැටුණු කෝලි නැවතත් එකට

24 August 2018

ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි නවතම වර්ගීකරණයට අනුව නැවතත් පෙරමුණ ගැනීමට ලකුණු 937 ක් රැස්කරගෙන සිටින ඉන්දීය නායක විරාට් කෝලි සමත්ව තිබේ. එංගලන්තය සමග පැවැති ටෙස්ට් තරයේදී ඉන්දීය පිල ජයග‍්‍රහණය කරා රැගෙන යමින් පළමු ඉනිමේදී ලකුණු 97 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක් රැස් කිරීම හේතුවෙන් මෙලෙස නැවතත් පිතිකරු ශ්‍රේණියේ පෙරමුණ ගැනීමට කෝලිට හැකි විය. එංගලන්තය සමග පළමු ටෙස්ට් තරගයේ දැක්වූ දක්ෂතා මත, මීට ඉහතදී එම ලැයිස්තුවේ පළමු තැනට පත්ව සිටි කෝලිට එහි දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු අතරට ඒමට නොහැකි වීමෙන් නැවතත් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හී දෙවැනි තැන දක්වා පසුබැසීමට සිදුවිය. ඉකුත් මාර්තු මාසයේ පටන් තරග තහනමකට ලක්ව සිටින ඔස්ටේ‍්‍රලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් ලකුණු 929 ක් සමගින් මෙම සටහනේ දෙවැනි තැනට පත්ව සිටී. එම තෙවැනි ස්ථානය නවසීලන්තයේ කේන් විලියම්ස්ට (847) හිමිව තිබෙන අතරවාරයේදී ශ‍්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න (754) සහ දිනේෂ් චන්දිමාල් (733) පිළිවෙලින් හත්වැනි සහ අටවැනි ස්ථානවලට පත්විය. මීට අමතරව පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි මුල් තැන එංගලන්තයේ ජේම්ස් ඇන්ඩ‍්‍රසන්ට (899) හිමිව තිබේ. එම දෙවැනි ස්ථානය දකුණු අප‍්‍රිකාවේ කාගිසෝ රබාඩාටත් (882), තෙවැනි ස්ථානය ඉන්දියාවේ රවීන්ද්‍ර ජඬේජාටත් (840) හිමි විය. පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ ශ‍්‍රී ලංකාවේ රංගන හේරත් (791) පසුවේ.
 

More News..