brand logo

දුවද්දී දැවීයෑම් දෙකට හේතුව මොරටුවේ ප්‍රශ්නයක් - රසල්

07 March 2019

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිදුවූ දුවද්දී දැවී යාම් දෙකක් පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රසල් ආර්නල්ඩ් විසින් සටහනක් තබා තිබෙනවා. ඔහු සිය නිල ට්විටර් ගිණුම හරහා සදහන් තිබූ සටහන පහතින් බලන්න... නැවතත් දුවද්දී දැවීයාමක්. නැවතත් මේ දෙදෙනාම. මෙය මොරටුවේ ප්‍රශ්නයක් මම හිතන්නේ. එක්කෙනෙක් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ, අනෙක් කෙනා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ. මෙමගින් රසල් සදහන් කර තිබෙන්නේ කුසල් මෙන්ඩිස් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ බවත්, ඕෂධ ප්‍රනාන්දු මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ බවයි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු එක්දින තරගයේදී ඕෂධ ප්‍රනාන්දු දුවද්දී දැවී ගිය අතර, කඩුල්ලේ අනෙක් අන්තයේ සිටියේ කුසල් මෙන්ඩිස්ය. ඊයේ පැවැති දෙවන එක්දින තරගයේදී කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී ගියා. එම අවස්ථාවේදී කඩුල්ලේ අනෙක් අන්තයේ සිටියේ ඕෂධ ප්‍රනාන්දුය.

පළවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ඕෂධ ප්‍රනාන්දු දුවද්දී දැවී ගිය අයුරු බලන්න...

දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී ගිය අයුරු බලන්න...

 

More News..