brand logo

දුරස්ථභාවය රැකගෙන පාසල් ළමුන් ප්‍රවාහනය ගැටලුවක්

10 May 2020

පවතින කොවිඩ් වසංගතයත් සමග පාසල් ආරම්භ කිරීමේදී ළමුන්ගේ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තීන්දු තීරණ ගන්නා ලෙස සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී සිල්වා පැවැසීය. සෞඛ්‍ය උපදෙස් අනුව දුරස්ථභාවය රැකගෙන පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට නම් දැනට සේවයට යොදවා ඇති පාසල් බස් රථ හා වෑන් රථ ප්‍රමාණය මෙන් දෙගුණයක් අවශ්‍ය බව ඔහු සඳහන් කළේය. දැනට පාසල් වෑන් රථ හා බස් රථ හතළිස් හය දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ප්‍රවාහනයට යොදවා ඇත. බස් රථයක සිසුන් 35-40 ක්, වෑන්රථයක සිසුන් 15-20ක සිසුන් ප්‍රමාණයක් ගමන් කරන අතර කොළඹින් බැහැර ප්‍රදේශවල ආසන ගණන ඉක්මවා ප්‍රවාහනය කරයි. එහෙත් කොරෝනා උවදුර නිසා සෞඛ්‍ය උපදෙස් අනුව මිටරයක දුරින් සිසුන් අසුන් ගැන්වුවහොත් දැනට ප්‍රවාහනය කරන ළමුන්ගෙන් හරි අඩක්වත් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බවත් එවන් ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමෙන් තමන්ගේ වියදම්වත් පියවා ගත නොහැකි බව සභාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව නැවත පාසල් ආරම්භ කිරීමේදී ළමුන්ගේ ප්‍රවාහන ගැටලුව ගැනද ආවධානය යොමුකර තින්දු තිරණ ගන්නා ලෙස එම සංගමය බලධාරින්ගේන ඉල්ලා සිටියි. චමින්ද සේනාරත්න  
 

More News..