brand logo

දුරදිග ගිය එල්ලේ ගැටුමෙන් තරුණයෙක් රෝහලට

10 July 2020

එල්ලේ තරගයකදී විනිශ්චයකරුවන් වැරදි තීන්දුවක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමක් දුර දිග ගොස් ආයුධවලින් පහරදීමෙන් තිදෙනකු තුවාල ලබා ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි. එම ගැටුමෙන් අරුණ මාවත මඩම්පැල්ල පදිංචි සම්පත් සුරංග නමැති අය බරපතළ තුවාල ලබා අකරගම රෝහාලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූ අනෙක් දෙදෙනා ඔහුගේ මව සහ සහෝදරිය බව පැමිණිල්ලේ සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය විසින් මඩම්පැල්ලප්‍රදේශයේම පදිංචි සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත පෙරේදා (8 වැනිදා) ඉදිරිපත් කළ පසු 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. සැකකරුවන් යකඩ පොලු උදලු හා කඩු රැගෙන නිවසට ඇතුළු වී දේපොළවලට අලාභ හානි සිදු කර මෙම පහර දීම සිදු කර ඇතැයි කොච්චිකඩේ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ය. රේමන් අපෝන්සු - මීගමුව
 

More News..