brand logo

දුමෙන් වැසීගිය ඇමති නවීන්ගේ වැඩසටහන

12 August 2019

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ(11) සවස වවුනියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී පැවැත්වු වැඩසටහනක් දුමෙන් වැසීයාමෙන් උත්සවයේ කටයුතු සිදුකර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්විණ. අමාත්‍ය නවීන් දිසානායක මහතා වවුනියාව නන්දිමිත්‍රගම නැවත පදිංචිකළ ගම්මානයේ ඊයේ (11) සවස ප්‍රදේශවාසීන් වෙත පොල්පැළ බෙදාදීමේ වැඩසටහනක් සඳහා සහභාගීවූ අවස්ථාවේ උත්සව භූමිය අසල කැළෑ ප්‍රදේශ කිසියම් කණ්ඩායමක් විසින් ගිනිතැබීම හේතුවෙන් වැඩසටහනට සහභාගි වු අමාත්‍යවරයා සහ වැඩසටහනට පැමිණි ජනතාව එලෙස මහත් අපහසුතාවයකට ලක්වූහ. නැවත පදිංචි ජනතාව සඳහා පොල්පැල බෙදාදීම හා පොල්වගාව ව්‍යාප්තකරලීමේ අරමුණින් ප්‍රතිලාභීන් සඳහා මුදල් චෙක්පත් පිරිනැමීමේ වැඩසටහනක් අතර තුර කිසියම් කණ්ඩායමක් උත්සවය පැවති ස්ථානයට නුදුරින් කැළෑ ප්‍රදේශය ගිනිතැබීම හේතුවෙන් එයින් පිටවූ දුමාරය හේතුවෙන් අමාත්‍යවරයා ඇතුළු සහභාගීවූවන් අපහසුතාවට ලක්වූ ආකාරයට දැක ගැනීමට හැකිවිණ. පැවති දුමාරය හේතුවෙන් සවස 03.00 පැවැත්වීමට තිබූ උත්සවය ආරම්භ කිරීමට පැයකට අධික කාලයක් ප්‍රමාද කළ අතර අනතුරුව උත්සව අවස්ථාවට පැමිණි අමාත්‍යවරයාද ගින්නෙන් හටගත් දුමාරය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටිහය. වැඩසටහන පැවති ස්ථානයට මදක් එපිටින් ගිනිගන්නා අවස්ථාවේ උත්සව සංවිධායකයින් හා ප්‍රදේශවාසීන් කිහිපදෙනකු ගින්න නිවා දැමීමට උත්සහ කළද පවතින වියළි සුළං තත්වය හේතුවෙන් එම උත්සහය ව්‍යර්ත විණ. දුමාරය හේතුවෙන් වැඩසටහන පැමිණි කුඩා දරුවන්, ප්‍රදේශයේ ජනතාව, වැඩසටහන සඳහා ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් හා පොලිස් නිලධාරීන්ද පීඩාවට පත්ව සිටියහ. ගින්න සම්බන්ධයෙන් ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ගෙන් කළ විමසීමේදී ඔවුන් පැවසුවේ අසළ පිහිටි ඉඩම් කිහිපයක් සඳහා කිසියම් පිරිසක් ගිනිතබන්නට ඇති බවට සැක පළකරන බවයි. දුමාරය පැවතියද අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩසටහන නිමාවන තෙක් වැඩසටහනේ රැදීසිටියහ. මාධව කුලසූරිය
 

More News..