brand logo

දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීන් පෙත්සමක් අත්සන් කරලා

25 October 2020

මරණ දඩුවමට ලක් වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පෙත්සමක් අත්සන් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. පසුගිය ඔක්තෝම්බර් 20 වැනිදා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ සේවකයින් විසින් මන්ත්‍රීවරුන්ගේ අත්සන් සඳහා මෙම පෙත්සම බෙදා දී ඇත. මෙම කණ්ඩායම් රැස්වීමට ජනාධිපතිවරයා සහභාගී වී නොසිටි අතර අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩි දුරටත් සදහාන් කර ඇත. මන්ත්‍රී අත්සන් සඳහා පෙත්සම ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් බෙදා හැරීමත් කණ්ඩායම් රැස්වීමට සහභාගී වී සිටි සියලු මන්ත්‍රීවරුන් ඒ සඳහා අත්සන් තැබීමත් හරහා පෙනී යන්නේ මේ සඳහා නිල ආශිර්වාදයක් හිමි වී ඇති බව යැයි සඳහාන් කරන සන්ඩේ ටයිම්ස් පුවත්පත, පෙත්සම ජනාධිපතිවරයා වෙත යොමු වීමෙන් අනතුරුව දුමින්ද සිල්වා නිදහස් කිරීමේ ප්‍රබල සම්භාවිතාවක් ඇති බවද සඳහාන් කරයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සුප්‍රකට රෝයල් පාර්ක් මිනී මැරුමේ වරදකරුව මරණ දඩුවම හිමි ව සිටි ජූඩ් ශ්‍රීමන්ත ජයමහාට සමාව දුන් බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය ලිපිය මගින් වැඩි දුරටත් සඳහාන කර තිබුණි.
 

More News..