brand logo

දුමින්දට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයක්

12 January 2020

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව සංවිධාන කළ සාමකාමී උද්ඝෝෂණයක් අද පැවැත්විය. ඒ, කොළොන්නාව නගර මධ්‍යයේදිය. උද්ඝෝෂණයේ නිරතවූ පිරිස පගමනකින් පැමිණ අගති අතර එහිදී අදහස් දැක්වූ යථාර්ථය සංවිධානයේ මහ ලේකම් ශාස්ත්‍රවේදී පුජ්‍ය කිරිඉබ්බන්ආරේ විජිත හිමියන් සඳහන් කළේ පසුගිය වසර හතර හමාරකට අධික කාලයක් රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් සිදුකර ඇති බවට රන්ජන් රාමනායකගේ හඬපට වලින් මනාවට පිළිබිඹු වන බවය. එමෙන්ම දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ නඩු තීන්දුවටද එමඟින් බලපෑම් සිදුව ඇති නිසා ඔහුට සාධාරණය ඉෂ්ඨ විය යුතු බව සඳහන් කළේය.
 

More News..