brand logo

දුමින්දට සමාව දෙන්න විපක්ෂයේ 5කුත් අත්සන් කරලා

25 October 2020

මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට යොමු කිරීම සඳහා අස්සන් තැබූ පෙත්සමට සමගි ජන බල වේගය නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5දෙනෙකුද අස්සන් තබා ඇතිබවට  දේශපාලන  ආරංචි මාර්ග සඳහන් කරයි. මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, අරවින්ද් කුමාර් සහ තවත් මන්ත්‍රීවරයෙක් මෙසේ ආණ්ඩු පක්ෂය සමඟ එක් වී දුමින්දට ජනාධිපති සමාව ලබා දීම සඳහා යොමු කල පෙත්සමට අත්සන් තබා ඇතැයි පෙර කී දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිස දෙමළ ප්‍රගතිශීලී සන්ධානය TPA ලෙස පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ තරග කළ කණ්ඩායම වේ.  
 

More News..