brand logo

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස වු අති විශේෂ ගැසට් නිවේදනය යළිත් නිකුත් කෙරේ

28 August 2019

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස වු ගැසට් නිවේදනය යළිත් නිකුත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ඊ.එම්.එම්.ආර්.කේ ඒකනායක මහත්මිය පැවසීය. පසුගිය දා ඇති වු දුම්රිය වර්ජනය හේතුවෙන් මුල් වරට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කල ගැසට් නිවේදනය ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ අවසන් වු බවත් ඒ හේතුවෙන් එය නැවත දිර්ඝ කිරිමට සිදු වු බවත් වැඩබලන ලේකම්වරිය සඳහන් කළා. ඒ අනුව,මගී හා භාණ්ඩ සඳහා වන සියලු ප්‍රවාහන සේවාවන් දුම්රිය,ධාවන නඩත්තුවට අදාළ සේවාවන් ඇතුළු ඊට අදාළ ඕනැම ආකාරයක සේවවාන් සැපයිම අත්‍යාවශය සේවා බවට පත් කර තිබේ.
 

More News..