brand logo

දුම්රිය සේවක වැඩ වර්ජනයෙන් මගීන්ට දැඩි දුෂ්කරතා

21 June 2019

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයෝ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 45ක් පමණ මේ වන විට අවලංගු වී ඇත. දුම්රිය එන්ජිම් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ දුම්රිය ගමන්වාර 10ක් පමණ අද දින ක්‍රියාත්මක වු බවයි. ඒ අනුව නුවර, රඹුක්කන, මහව, හලාවත, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය කර ඇත. දුම්රිය සේවකයින් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කළේ, ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙනි. දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් වැඩ වර්ජනයට එක්වන බවයි. ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයට නියමිතව තිබූ සියලු තැපැල් දුම්රිය අවලංගු කළ බවත්, තවත් දුම්රිය කිහිපයක ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..