brand logo

දුම්රිය සේවකයින් යළි වර්ජනයේ

28 June 2019

දුම්රිය සේවකයින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනයෙන් මගීන් රැසක් දැඩි පීඩාවට පත් ව සිටි. දිවයිනේ බොහෝ ප්‍රධාන දුම්රිය ස්ථානවලින් අද අලුයම දුම්රිය ධාවනය නොවූ බව අප වාර්තාකරුවන් පැවසුවේය. වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය සතියේ පැවති වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් සති පතා සංකේත වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබුණි. වැඩවර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී ධාවනය කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය කිහිපයක් ද අවලංගු කර තිබේ. මීට විරෝධය පළ කරමින් පසුගිය බ්‍රහස්පතින්දා දුම්රිය සේවකයින් පැය 48 ක වැඩවර්ජනයක ද නිරත විය. වැඩවර්ජනයට දුම්රිය රියැදුරන්, නියාමකයින් පාලකවරුන් ඇතුළු ශ්‍රේණි කිහිපයක සේවකයින් එක් ව සිටියහ. සේවකයින් පැය 24 ක මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණ ද දුම්රිය සේවය මේ වනවිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර අවසන් වේ.
 

More News..