brand logo

දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනයක

22 February 2021

දුම්රිය එංජින් රියදුරන් ඇතුළු නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සේවකයින් අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බව දුම්රිය එංජින් රියැදුරන්‌ගේ සංගමය පවසයි. දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (23) රාත්‍රී 12.00 දක්වා එක්දින දුම්රිය වර්ජනය ක්‍රියාත්මක බවයි. ඉන්දීය ණය වැඩසටහන යටතේ මහව සහ ඕමන්තේ අතර ක්‍රියාත්මක කිරීමට නියමිත දුම්රිය මාර්ග ව්‍යාපෘතියට විරෝධය පළකරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බව දොඩංගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..