brand logo

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත කැඳවයි

04 July 2019

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සාකච්ඡාවක් සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය වෙත කැඳවා ඇති බව වාර්තාවෙයි. අද උදෑසන 9.30 ට පමණ අමාත්‍යාංශයට පැමිණෙන ලෙස තමන්ට දැනුම්දුන් බව සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළ බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කළ අතර බීමත් සේවකයෙකුට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගනු ලැබූ විනය පියවරක් වළක්වාලීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් බලපෑම් සිදුවන බව පවසමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කළේය. ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සඳහන් කළේ ඊයේ (03) රාත්‍රියේ පැවතිි සාකච්ඡාවකදී වර්ජනය නවත්වන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෘත්තිය සමිති නායකයන්ගෙන් ඉල්ලා සිටි බවය.
 

More News..