brand logo

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කළහොත් අද මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක් - දුම්රිය වෘත්තීය සමිති

03 July 2019

බීමත් සේවකයෙකුට විනය පියවර ගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කළහොත් අද (03) මධ්‍යම රාත්‍රී 12 සිට වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ රාජකාරි කාලය තුළදී මත්පැන් පානය කිරිම හේතුවෙන් වැඩ තහනම් කෙරුණු දුම්රිය වෘත්තිය සම්ති සාමාජිකයෙකු යළි සේවයට ගන්නා ලෙසට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එල්.පී. ජයම්පති බලපෑම් සිදුකිරිම හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් සියලුම දුම්රිය වෘත්තීය සමිති සමග මේ වන විට රැස්වී සාකච්ඡා කරන බවද දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළේය.
 

More News..