brand logo

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් පොලීසියට පැමිණිල්ලක්

28 June 2019

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පැවසුවේ හදිසි නීති රෙගුලාසි කඩ කිරිමේ චෝදනාවට වර්ජනයේ නිරත සේවකයින්ට එරෙහිව අධිකරණය මගින් අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා බවයි. කෙසේ වෙතත් දුම්රිය ගමනා ගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පැවැසුවේ වර්ජනය පැවැතිය ද අද උදෑසන දුම්රිය 7ක් ධාවනය කිරීමට පියවර ගත් බවයි. ඒ මහනුවර, රඹුක්කන, මාතර, ගාල්ල, මහව, හලාවත සහ අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වායි.
 

More News..