brand logo

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්

14 January 2022

උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවයි දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (14) දහවල් හදිසියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමත් සමගයි. දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (13) ක්‍රියාත්මක කළ සංඛේත වැඩවර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර ඔවුන් යළි එලෙස හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා. ඒ වනවිට ගමන් කරමින් තිබූ දුම්රිය කිහිපයක්ම හදිසි වර්ජනය නිසා අතරමග නතරවූ අතර තෛපොංගල් නිවාඩුවට ගම්බිම් යාමට පැමිණි මගීන් විශාල පිරිසක් ඒ හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණදුන්නා.  
 

More News..