brand logo

දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක් අරඹති

13 January 2022

මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක්

දුම්රිය වර්ජනය හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රිය සහ සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු වී ඇති බව දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා පවසයි. දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා වැඩිදුරටත් පවසා සිටියේ, කෙසේ වෙතත් කාර්යාල දුම්රිය 80ක් ධාවනය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවය. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. දුරගමන් සේවා කලින් ආසන වෙන්කළ දුම්රියන් නොදන්වා අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය. "දිගින් දිගටම අපේ සාමාජිකයින්ගේ ප්‍රශ්න විසඳිලා නෑ. ඒ වගේම දුම්රිය කාලසටහන යතාවත් කරනවා කියලා, දුම්රිය සාමාන්‍යයෙන් ධාවනය කරන්න යෝජනා කරලා, ආසන වෙන්කිරීමේ කටයුතු සිද්ධකරලා ඉවර වුණාට පස්සේ, දුම්රිය ධාවනය වෙන්න පැය කිහිපයකට කලින් දුම්රිය අවලංගු කරනවා. මේක හිතාමතා කරන දෙයක් පාලනාධිකාරිය. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මක වෙනවා කියන සැකය අපිට තියෙනවා. තෝරාගත් වෘත්තීය සමිති කිහිපයකට කේවල් කිරීම මත අවශ්‍ය පහසුකම් ලබාදෙමින් මගීන්ගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන්ගේ පහසුකම් සියල්ල පසෙකලා කටයුතු කිරීමට විරෝධතාවය පළ කිරීමක් වෙනුවට අකමැත්තෙන් වුවත් පැය 24ක වෘත්තීය ක්‍රියාමාර්ගයක අපි නිරතවෙනවා."
 

More News..