brand logo

දුම්රිය සංගම් දෙකක් විරෝධතාවක

10 March 2021

ඉන්දියාවෙන් ගෙන එනු ලැබූ ඉන්දියන් මැදිරිවල ඉතිරි දුම්රිය මැදිරි 150 මෙරටට ගෙන්වීම අවලංගු කරන මෙන් ඉල්ලා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සහ දුම්රිය එන්ජින් රියදුරු සංගමය විසින් අද (10) විරෝධතාවක් ආරම්භ කර තිබේ. එම සංගම් පැවසුවේ පසුගිය රජයේ ඇනවුමකට අනුව මෙම ඉන්දියන් මැදිරි ගෙන එනු ලැබූ බවයි. මේ වන විට කොළඹ වරායට ගෙන එනු ලැබූ මැදිරිවල තත්ත්ව පරීක්ෂාවන් සිදුකිරීම සදහා එම මැදිරි රත්මලාන දුම්රිය අංගනයට ගෙනයාමට නියමිතයි. කෙසේ නමුත් එය සිදුකිරීමට නම් දුම්රිය බලාධාරීන් විසින් ඉදිරිපත් කරන දුම්රිය මැදිරි 150 මෙරටට ගෙන්වීමේ තීරණය අවලංගු කළ යුතු බව එම සංගම් පෙන්වා දෙයි. දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසූවේ මේ වන විට චීන මැදිරි සීයක් දුම්රිය අංගනවල ගාල් කර ඇති බවත්, එම දුම්රියන් ධාවනයේ යෙදවීම පසෙකලා ඉන්දියාවෙන් දුම්රිය මැදිරි මිලදී ගැනීම මහජන මුදල් අපතේ යන බවයි. මේ හේතුවෙන් ඉන්දීය දුම්රිය මැදිරි 150 ඇනවුම අවලංගු කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්වූ බව න්දික දොඩංගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..