brand logo

දුම්රිය වෘත්තීය සමිති බලධාරීන්ගෙන් කළ ඉල්ලීම

21 October 2021

රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින් දැඩි අසීරුතාවයක

දුම්රිය යළි ආරම්භ කරන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය සදහන් කළේ දුම්රිය ධාවනය ආරම්භ නොකිරීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි.

රටේ සියලුම අංශ විවෘතව ඇති අවස්ථාවක දුම්රිය සේවය පමණක් ආරම්භ නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.

පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් කඩිනමින් දුම්රිය සේවාව සෞඛ‍්‍ය ආරක්ෂිතව ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස දුම්රිය වෘත්තිය සමිති බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
 

More News..