brand logo

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක් වර්ජනයක

20 June 2019

අද (20) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හා දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් අතර පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් වෘත්තීය සමිති මෙලෙස තීරණය කර ඇත. දුම්රිය වෘත්තිය සමිති ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණු නමුත් මුදල් අමාත්‍යවරයා සමඟ අද (20) දිනයේ සාකච්ඡාවක් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවකට අනුව වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය වෘත්තිය සමිති ඊයේ (19) තීරණය කළේය.
 

More News..