brand logo

දුම්රිය වැඩවර්ජනය අද දෙවැනි දිනටත් - මගීන්ට දැඩි පීඩා

27 September 2019

දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ. මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ. වර්ජනය පැවැති ද අද දිනයේ කාර්යාල දුම්රිය 10ක් පමණ කොළඹ කොටුව බලා ධාවනය කිරීමට සැළසුම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියැදුරන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව එම වැඩවර්ජනය පසුගිය 25 වැනිදා මධ්‍යම රාත්‍රීයේදී ආරම්භ කළේය. දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියැදුරන්, පාලකවරුන්, නියාමකරුවන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සේවකයින් ඒ සඳහා එක්ව සිටී.
 

More News..