brand logo

දුම්රිය රියැදුරු සහයක පුරප්පාඩු රැසක්

25 September 2020

මේ වන විට දුම්රිය රියැදුරු සහායක ශ්‍රේණිවල තනතුරු පන්සිය හතළිහෙන් තුන්සිය හැටක් පුරප්පාඩුවී ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. ෂන්ටිං රියැදුරු ශ්‍රේණියේද තනතුරු එකසිය හතළිස් හතෙන් එකසිය විසි නමයක්ම පුරප්පාඩු වී ඇති බව පවසන එම සන්ධාන එම තනතුරු සඳහා පත්වීම් ලැබීමට අපේක්ෂික සේවකයන්ට මේ තත්ත්වය යටතේ බරපතළ අසාධාරණයක් සිදුව ඇති බවද සඳහන් කරයි. මෙම තනතුරු සඳහා අවසන් වරට සේවකයන් බඳවාගෙන ඇත්තේ 2011 වර්ෂයේදීය. දුම්රිය එන්ජින් රියැදුරු සහායක තනතුරු සඳහා වන බඳවා ගැනීමේ සහ උසස්වීම් පටිපාටිය අනුමතවීමෙන් පසු 2016 වර්ෂයේ සහ ඉන්පසු අවස්ථා හතරකදීම බඳවා ගැනීම් කිරීමට කටයුතු කළද, දේශපාලන හා වෙනත් බලපෑම් මත එය සිදුව නැත. තාක්‍ෂණ ශිල්පී සහායක තනතුරු දරන සේවකයන්ගෙන් හා විශ‍්‍රාමික සේවකයන්ගෙන් රාජකාරී ආවරණය කරගනිමින් දීර්ඝ කාලයක් දුම්රිය ධාවන කටයුතු කළද, රාජකාරී ආවරණය කිරීම වෙනුවෙන් කිසිදු දීමනාවක් හෝ වැඩ බැලීමේ වැටුපක් ඔවුනටද ගෙවා නොමැති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි. මෙම කරුණු දක්වා පසුගියදා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක්ද යොමුකර තිබේ. ශිරන්තනි මානවඩු
 

More News..