brand logo

දුම්රිය මැදිරි අලුත්වැඩියාව පෞද්ගලික අංශයට දීමෙන් කෝටි 6ක පාඩුවක් - නිදහස් පක්ෂ වෘත්තිය සමිතියෙන් චෝදනා

01 September 2018

අලුත්වැඩියාවට අපේ සම්පත් ප්‍රමාණවත් නැහැ ප්‍රධාන ඉන්ජිනේරු (ධාවන) කරුණු පහදයි   රත්මලාන දුම්රිය ඉංජිනේරු වැඩ කාර්යංශයේ අලුත්වැඩියා කළ හැකි දුම්රිය මැදිරි 200ක් පුද්ගලික අංශයට ලබා දීමෙන් රුපියල් කෝටි හැටක පමණ අලාභයක් සිදුවී ඇති බව ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිදහස් සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ්  මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ වර්ගීකරණය අනුව තුන හා හතර මට්ටමේ ඇති මැදිරි පෞද්ගලික ආයතනයකට ලබාදී රත්මලානේ ඉංජිනේරු වැඩ එකකයේ සේවකයින්ට පහ හා හය මට්ටමේ මැදිරි අලුත්වැඩියාවට ලබාදී ඇති බවයි. එක් මැදිරියක් අලුත්වැඩියා කිරිම සදහා රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ පෞද්ගලික අංශයට ගෙවීමට සිදු වුවත් රත්මලාන දුම්රිය ඉංජිනේරු වැඩ කාර්යාංශයේ අලුත්වැඩියා කළේ නම් ඒ සදහා වැය වන්නේ රුපියල් එක්කෝටි දසලක්ෂයක් පමණක් බවත් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය. පෞද්ගලික අංශයට අලුත්වැඩියාවට ලබා දෙන මැදිරිවල තීන්ත අලේප කර අසුන්, විදුලි පංකා, කැසිකිලිආදිය පමණක් සකස් කරතිරිංග, මැදිරි සම්බන්ධ කිරීමේ උපකරණ ආදියේ අලුත්වැඩියා කටයුතු රත්මලාන දුම්රිය ඉංජිනේරු වැඩ එකකයේ සේවකයින්ට නැවත පැවරෙන බවටද ඒ මහතා  චෝදනා කළේය. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ඉංජිනේරු (ධාවන) දිලන්ත ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ අවුරුදු 26ක් පැරණි තුන හා හතර වැනි මට්ටම්වල මැදිරි 450ක් ඇති බවත් ඒවා රත්මලාන කර්මාන්ත ශාලාවෙන් අලුත්වැඩියා කළහොත් මාසයකට අපේක්ෂිත ප්‍රමාණය සේවකයින්ට අලුත්වැඩියා කර ගැනීමට නොහැකි නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමග බද්ධ වු ව්‍යපෘතියක් ලෙස අලුත්වැඩියා කටයුතු සිදු  කරන බවයි. ඇතැම් තාක්ෂණික උපකරණ දෙපාර්තමේන්තුව තුළ නොමැති නිසා පෞද්ගලික අංශයට  එම මැදිරි අලුත්වැඩියා කටයුතු ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය.
 

More News..