brand logo

දුම්රිය මාර්ග නඩත්තු සේවකයින්ට කොවිඩ්

06 May 2021

දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවය කරනු ලබන සේවක පිරිස් හට කොවිඩ් 19 රෝගය වැළදී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ගවල දෛනික නඩත්තු කටයුතු සිදුකිරීම පිළිබඳව මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරයි. අඛණ්ඩව ධාවනය පවත්වාගන යාම සඳහාත්, දුම්රිය මගීන්ගේ, සේවකයන්ගේ ,දුම්රිය මාර්ගයේ සහ ධාවන ඇණියේ සුරක්ෂිතභාවය සඳහා මේ වනවිට එම ප්‍රදේශවල දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 30 සහ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙ හේතුව නිසා බොහෝ දුම්රියන් ප්‍රමාදවීම් සහිතව ධාවනය වන බව කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරයි.
 

More News..