brand logo

දුම්රිය මගීන්ට අද පස්වරු 2.00 සිට සහන මිලට එළවළු මල්ලක්

02 January 2020

දුම්රිය මගීන්ට අද සිට සහන මිලට එළවළු මල්ලක් ලබාදීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන් තුළදී සහන මිලට එළවළු මිලදී ගැනීමට දුම්රිය මගීන්ට අවස්ථාව හිමි වනු ඇති. දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ අද පස්වරු 2.00 සිට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන්හිදී මෙම වැඩ සටහන ක්‍රියාත්මක වන බවයි. අදාළ දුම්රිය ස්ථානයන් හි එළවළු වර්ග දහයක පමණ ප්‍රමාණයක් මිලට ලබාගත හැකි බව දුම්රිය සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..